දේශීය පුවත්

කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පවා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා හට චෝදනා කරන නමුත් තමා සිටින තෙක් නගරාධිපතිවරයා ආරක්ෂා කරන බවත් හිටපු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය 19වනදා ප්‍රකාශ කර සිටියේය.

මේ පිළිබඳව අද (22) මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය තමන් අනුමත නොකරන බවයි.

“අපේ පාර්ශවයේ කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් එයාගෙ මයිලකටවත් අත තියන්න දෙන්නෙ නෑ වගේ උද්ධච්ඡ ප්‍රකාශ කරන්න නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ලක්ෂ 69ක් ඡන්ද දුන්නේ. ඒ උද්ධච්ඡ දේශපාලනය අතීතයට අයිති එකක්. ඒක වර්තමානයටවත් අනාගතයටත් අයිහි නෑ. ඒ පංපෝරි ගහන දේශපාලනය වලංගු නෑ. ඒක අපි තේරුම් ගන්නෝනි. වරදක් කරලා තියෙනවා නම් ඒකට අකුල් හෙලන පංපෝරි දේශපාලනය යල් පැන ගිය එකක්. සමහර දේශපාලකයෝ යාවත්කාලීන නෑ. ඒකයි මෙතන තියෙන අවුල.” යැයි ඔහු පැවසීය.

ඡනාධිපතිට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ 'මයිලකටවත්' අත නොතියන්න නෙමෙයි

ඡනාධිපතිට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ 'මයිලකටවත්' අත නොතියන්න නෙමෙයි.දර්ශන අනුග්‍රහය – Newsfirst.lk

Gepostet von Newshub.lk am Mittwoch, 22. Juli 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More