දේශීය පුවත්

කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර (21)රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.

මොවුහු ප්‍රතිකාර සඳහා වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධයස්ථානයට ඇතුලත්කර තිබේ.

ඔවුන්ගේ  තත්වය  එතරම් බරපතල නොවන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අප කල විමසුමකදී පැවැසීය.

කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබේ.

කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 279 දෙනෙකු සහ වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු මෙහි ප්‍රතිකාර ලබමින් සිටිති.

ඔවුන්ගෙන් කණ්ඩායම් දෙකක් අතර මේ ගැටුම ඇතිවී තිඛෙන බව කියති ගැටුමට මැදිවූ පිරිස අතින් පයින් පමණක් නොව එම කොවිඩ් 19 විහේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් සඳහා භාවිත කෙරෙන කොසු ඉදල් ආදියෙන්ද එකිනෙකාට පහරදී තිඛෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.

එහි ආරඬක කටයුතු බාරව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් පැමිණ ගැටුම සමථයකට පත්කර තිඛෙන බවද පොලීසිය සඳහන් කලේය.

පොලොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල මහතාගේ මෙහෙයැවීමෙන් වැලිකන්ද පොලීසියේ ස්ථානාධිපති,ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More