දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ මෙහෙයුම් සිදුවන අතරතුර නව අග්‍රාමාත්‍යවරයකු තෝරා ගැනීමේ මෙහෙයුමකුත් සිදුවන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කළහොත් නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ යුත්තේ කවුරුන්ද කියා දේශපාලන කණ්ඩායම් කිහිපයක් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සාකච්ඡා කරමින් සිටින්නේ එවැනි අවස්ථාවකදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කිරීමටයි. එය සාර්ථක නොවුණහොත් කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනකුගේ අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේද සහාය ලබාගැනීමට හැකි තත්ත්වයක් පවතිනවාද කියා දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

නව අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමට අවශ්‍ය වුණොත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම් යෝජනා කිරීමටද එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සූදානමින් සිටිති.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි යන මතයේ දැඩිව සිටින අය බවද වාර්තා වෙයි.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයකු අවශ්‍ය වුවහොත් ඒ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කළ යුතු බවට ප්‍රකාශ කරන කණ්ඩායමක්ද සිටී. යහපාලනය වෙනුවෙන් දැඩිව පෙනී සිටින මේ කණ්ඩායමට දෙමළ හා මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ පිරිසක් එක්ව සිටින බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More