දෙමළ ජාතික සන්ධානයේ රට බෙදන ප්‍රතිපත්ති සහ සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජනබලවේගයේ ප්‍රතිපත්ති අතර වෙනසක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මෙරට පැරැණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදූ සජිත් ප්‍රේමදාස මහතාරට බෙදීමට කිසිදු විටෙක පැකිළෙන්නේ නැති බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන ජනරැලිවලට මහනුවර දී ඊයේ (21) එක්වෙමිනි.
අද එක්සත් ජාතික පක්ෂය අලුත්වැඩියා කළ නොහැකි ආකරයටම බෙදී අවසන් බව පැවසූ රාජපක්ෂ මහතා සජිත්ට අවශ්‍ය වී ඇත්තේ සිරිකොත අල්ලා ගැනීමට මිස බලය ගැනීමට නොවන බවත් පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව අතරමං කළ සජිත් මෙවර කොළඹට තරග වදින්නේ ඒ ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් බව පැවසූ රාජපක්ෂ මහතා ඔහු කොළඹ ජනතාව අතරමං නොකරන්නේ යැයි දිය හැකි සහතිකය කුමක්දැයි විමසා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වන කෙහෙලිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...