දේශීය පුවත්

තීරණාත්ක මහ මැතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේ යාපනය ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස්වරයා හදිසියේම ත්‍රිකුණාමලයට පැමිණ හිටපු විපක්ෂ නායක සම්පන්දන් සමග හා විපක්ෂයේ තෝරාගත් අපේක්ෂකයන් පිරිසක් සමග පෙරේදා (20 වැනිදා) රාත්‍රි නිලාවෙලි හෝටලයක සාකච්ඡා කළේ කුමක්ද යන්න රටට වහාම හෙළිදරව් කළ යුතු යැයි හිටපු නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ (21 වැනිදා) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සුසන්ත පුංචිනිලමේ

‘‘ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයකු ලෙස ආණ්ඩුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ හිටපු අප සමග හෝ වෙනත් ප්‍රගතිශීලී අපේක්ෂකයන් සමග සාකච්ඡා නොකර දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් සමග පස්වරු 4.00 ඉඳලා ඔහුගේ ගෙදරත් ඉන් අනතුරුව රාත්‍රී 8.00 සිට 11.00 දක්වා දෙමළ සුළු පක්ෂ කීපයක තෝරාගත් අපේක්ෂකයන් කිහිපදෙනකු සමග නිලාවෙලි හෝටලයකදීත් සාකච්ඡා කරන්න ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන්ට මේ මොහොතේ පවතින අවශ්‍යතාව මොකක්ද? ඒ සාකච්ඡාවේ අන්තර්ගතය මොකක්ද ඇයි එහෙම රහසිගතව සාකච්ඡා කළේ කියලා රටට හෙළිදරව් කරන්න ඕන. මොකක්ද තානාපති කාර්යාලවලට මේ රටේ දේශපාලන කටයුතුවලට මැදිහත්වීමට තියෙන අයිතිය? මම මේ ගැන ජනාධිපතිවරයා හා ආරක්ෂක අංශ දැනුවත් කරලා තියෙනවා.’’ යැයි ද පැවැසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More