දේශීය පුවත්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කළුතර දිස්ත්‍රික්කයේ අද්විතීය ජයග්‍රහණයක් ලබා ගැනීම ස්ථිර බවත් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ආසන හතේම හිමිකම පොදුජන පෙරමුණට හිමිවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක, හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රමුඛ සන්ධානය බිහි කරන ආණ්ඩුව කොරගසමින් යදිමින් වැඳ වැටෙන ආණ්ඩුවක් නොවන බවත් එම ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය හිමි ශක්තිමත් ආණ්ඩුවක් වනු ඇති බවද ඔහු කියා සිටියේය. හිටපු රාජ්‍ය ඇමැතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (21 වැනිදා) බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි විදුර වික්‍රමනායක මෙසේ පවසා සිටියේය. ‘‘මේ රටේ ජනතාවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පිළිබඳව විශාල ප්‍රසාදයක් තියෙනවා. අපි කොහොමත් දන්නවා අපිට ඓතිහාසික බලයක් මෙවර ලැබෙන බව. මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නට අවශ්‍යයි. අපි එදත් කිව්වේ ඒක. සීයට හැත්තෑවක් කේවල ක්‍රමයට ඒවගේම සියයට තිහක් සුළු පක්ෂවලට ලැබෙන විදියට මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය වෙන්න අවශ්‍යයි. හිටපු ජනාධිපතිතුමා බලයට පත්වෙනකොට කිව්වේ 20 වැනි සංශෝධනය ගේනවා කියලා. නමුත් ඒක වුණේ නැහැ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More