දේශීය පුවත්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන හා ඩෙංගු ඇතුළු බෝවන රෝග මර්දන කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඔවුන් සහභාගී වන කොරෝනා ආසාදිතයින්ගේ ස්පර්ශකයින් සොයා යෑම හා නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම ඇතුළු කටයුතු මෙන්ම බෝවන රෝග මර්දන කටයුතු ද අඩපණ වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව කොරෝනා මර්දන කටයුතු මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ගෙන් ගෙට යෑමේ කටයුතු, මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව ක‍්‍රියාත්මක වීම, ජලභීතිකා රෝගය ඇතුළු සෙසු බෝවන රෝග මර්දන කටයුතු මේ වන විට අඩපණ වී ඇති බව එම අංශ පෙන්වා දෙයි.

මෙරට පවතින ඩෙංගු, ජලභීතිකාව ඇතුළු බෝවන රෝග මර්දන ව්‍යාපාරවල මහජන සෞඛ්‍ය ප‍්‍රචාරණ කටයුතු වලටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය දායකත්වය දක්වන අතර මෙම ක‍්‍රියාමාර්ගය තවදුරටත් පැවතියහොත් එම කටයුතුද ඉදිරියේදී අඩපණ වනු ඇති බව එම මර්දන ව්‍යාපාර පවසයි.

කොරෝනා වසංගතයක් පැතිර යන අවස්ථාවකදී නිරෝධායන පනත යටතේ මහජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමට අදාළ පියවර ගැනීමට අවශ්‍ය නීතිමය බලතල ලබාදෙන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අදාළ සේවා කටයුතුවලින් ඉවත් වීමේ දීපව්‍යාප්ත ක‍්‍රියාමාර්ගය ගෙන තිබේ. සිය ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් සිය සංගමයට කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බව එම සංගමය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More