පසුගිය රජයේ හිටපු සංස්කෘතික ඇමතිවරයාගෙන් තමනට දැඩි බලපෑම් එල්ල වූ බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
හිටපු ඇමතිවරයා හැසිරුනේ නමන් පුරාවිද්‍යාඥයෙක්ය යන හැඟීමෙන් බවත් ඔහු තමන්ට බලපෑම් කරමින් ලබාදුන් දුරකථන ඇමතුම් ගණනාවක් පටිගත කර ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සීගිරියේ අසල කලුදිය පොකුණ පිහිටි අක්ක අක්කර 15 ක ප්‍රමාණයක් විදේශිකයන්ට හෝටල් කාමර ඉදිකිරීම සඳහා ලබා දෙන ලෙස හිටපු ඇමතිවරයා තමනට බලපෑම් කළ බවය.
තමා ඒ සඳහා එකඟ නොවූ බැවින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කළ බව ද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...