දේශීය පුවත්

රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන  විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලීමට කවර බලධාරියෙකුට වුව නොහැකි බව පෙන්වා දෙයි.

ඊයේ (20) අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයේ මිනීමරුවන් පිළිබඳ කෙරුණු පරීක්ෂණ පසුගිය ආණ්ඩුව සමයේ වසා දැමුවේ කෙසේද? කියා ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසම හමුවට ඇවිත් පොලිස් නිලධාරීන් අද සාක්ෂි ලබා දෙනවා. ‘සීඅයිඩීයේ හිටපු ප්‍රධානියා අපට උපදෙස් දුන්නා, එක් ත්‍රස්තවාදියෙකුගේ ගෙදර තිබුණු සීසීටීවී දර්ශන මකා දමන්න. හේතුව තමයි ඒ ආණ්ඩුවේ ඇමතිවරුන් ඒ ගෙදරට ගිහින් තිබීම,’ යන්නත් මෙලෙස පොලිස් නිලධාරීන් ලබා දුන් සාක්ෂියක්. ඒ වහපු තොරතුරු අද මෙලෙස එළියට එනවා. හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ මල්ලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔප්පු කළ හැකි හේතු කාරණා සහිතවයි. දැන් එසේ හේතු කාරණා සහිතව රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පතිවරයාට, සීඅයිඩිය ඇතුළු නීතිය ක්‍රියාත්මක ආයතනවලට ලිපි යවනවා, ‘මැතිවරණය අවසන් වන තෙක් රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න’ කියා. මා වුවත් අපරාධ වරදක් සිදු කළොත් අත්අඩංගුවට ගත යුතුයි. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කිව හැකිද ‘මැතිවරණය අවසන් වන තෙක් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිට එවැනි බලයක් නැහැ. මේ රටේ අත්අඩංගුවට ගත යුත්තේ කවුද, කවර වෙලාවකද, කියා නියෝග දීමට ද මැතිවරණ කොමිසමේ සභාපති ඉන්නේ? යැයි ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More