සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් බුර්කාව තහනම් කිරීමට සහය වනවාද නැද්ද යන්න මැතිවරණයට පෙර ප්‍රකාශ කළ යුතුව ඇතැයි අතුරලියේ රතන හිමියන් පවසයි.
ඒ අපේ ජන බල පක්ෂයේ සඟ සමුළුවකට ඊයේ (20) සහභාගී වෙමින්.
“ජම්ඉයියතුල් උලමාව බුර්කාව අයින් කරනවද නැද්ද? සහරන්ලා හදන බෝම්බකරුවො හදන බෞද්ධයෝ මරන්න උගන්වන මද්‍රසා පාසල් වහලා පොදු ඉස්කෝලෙ ඉගෙන ගන්නවද නැද්ද ? ඒ වගේම මේගොල්ලො පාසල් පොත් වලට දාපු වගන්ති ඉවත් කරනවද නැද්ද?
ජම්ඉයියතුල් උලමාව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ නැත්තන් අපි සහරාන්ලා වගේ බෝම්බ බැඳන් යන්නෙ නෑ. ඒ වගේ අන්තවාදයකට අපේ ධර්‍ර්මයේ ඉඩ නෑ. අපි අවිහිංසාවාදීව සියලුම මුස්ලිම් කඩ වර්ජනය කිරීමට තීරණයක් ගන්නවා.
මේක ජාතියේ අනාගතය ගැන තීරණයක්. තවත් වසර 2500කට මේ සංස්කෘතිය රැක ගන්න ඕනෙ. ඒක ආධ්‍යාත්මික-අවිහිංසාවාදී අරගලයක්. මේක සාමන්‍ය මුස්ලිම් ජනතාවට එරෙහි අරගලයක් නෙවෙයි. ජම්ඉයියතුල් උලමාවෙ අන්තවාදයට එරෙහි අරගලයක්” යැයි උන්වහන්සේ පවසයි.
ජමෙයි තුල්ලා උලමා බුර්කාව අයින් කරනවද නැද්ද?සහරන්ලා හදන බෝම්බකරුවො හදන බෞද්ධයෝ මරන්න උගන්වන මද්‍රසා පාසල් වහනවද නැද්ද ?රතන හාමුදුරුවෝ ඇතුළු මහ සංඝරත්නය නොබියව තින්දුවක
Gepostet von අපේ ජන බල පක්ෂය Ape Jana Bala Pakshaya am Montag, 20. Juli 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...