දේශීය පුවත්

බදියුදීන් ට නොතීසි

July 21, 2020 6:09 pm | Lanka Lead News

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට 27 වෙනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ගෙන යන විමර්ශනයන්ට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී දැනුම්දීම් කර තිබිණි.

නමුත් එම අවස්ථා දෙකේදීම ඔහු පැමිණ නොතිබිණි.

ඒ පිළිබඳ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

ඔහුට එරෙහිව නොතීසි නිකුත් කර ඇත්තේ එසේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More