දේශීය පුවත්

බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අනුව සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ (20 වැනිදා) උදෑසන බන්ධනාගාර මූලස්ථානයට පැමිණ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගත්හ.

කොමසාරිස්වරුන් වන චන්දන ඒකනායක, තුසිත උඩුරව හා බන්ධනාගාර බුද්ධි ප්‍රධානී සහකාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක යන අයගෙන් පැය ගණනක් තිස්සේ ප්‍රකාශ ලබාගෙන ඇත. කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩි ලැසී, පිටිගල කැවුමා ඇතුළු පාතාල නායකයින් පිරිසක් තමන් බූස්ස බන්ධනාගාරයට යැවීම ගැන විරෝධය පාමින් ආහාර වර්ජනයක් ආරඹා තිබුණි.

එය සොයා බැලීමට බන්ධනාගාර ඉහළ නිලධාරීන් ජූනි 26 වැනිදා බූස්සට ගොස් ඇත. එහිදී ජනපති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් තමන්ට ලොකු නැති බවත් අවි ආයුධ හා සාමාජිකයන් සමග තම ජාලය තවමත් ක්‍රියාත්මක බවත් කියමින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කරමින් තාරක, ලැසී ඇතුළු පිරිස කලහකාරී ලෙස හැසිරී තිබේ.

මෙම අවස්ථාවට එක්වූ බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනා සහ බන්ධනාගාර බුද්ධි ප්‍රධානියා තමන් ඉදිරියේ පාතාලයන් කළ තර්ජනය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියට පැමිණිළි කර තිබිණි.

මේ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරයා පොලිස්පතිවරයා හා ආරක්ෂක අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසියට ඊයේ (20 වැනිදා) සිට විමර්ශන භාරදී ඇත.

– රිවිර-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More