දේශීය පුවත්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ගම්පහ ප්‍රදේශයේ භෞතික විද්‍යා ගුරුවරයාගේ ආශ්‍රිතයින් 150 දෙනෙකු PCR පරීක්ෂණ සිදුකළ බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ පවසයි.

මෙම ගුරුවරයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 19 වෙනිදා තහවුරු වූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.

මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් රැගෙන ගිය රියදුරෙකු ගෙන් මෙම ගුරුවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය සුභාස් සුබසිංහ ප්‍රකාශ කළේය.

මෙම ගුරුවරයා ගම්පහ ප්‍රදේශයේ විදුහලක ඉගැන්වීම් සිදුකර ඇති අතර ඔහු ළමුන්ට උපකාරක පංතිද පවත්වා ඇති බවට හෙළිව ඇති බව වෛද්‍ය සුභාස් සුබසිංහ ප්‍රකාශ කළේය.

එලෙස පාසැලේ එම ගුරුවරයාගේ ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන්ද , උපකාරක පංති පැවැත්වූ ළමුන් හා එම නිවෙස් වල ආශ්‍රිතයින් සොයා ගෙන ඔවුන්ව නිරෝධායනයට යොමු කළ බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.

මෙම ගුරුවරයාගේ පාසැලේ ආශ්‍රිත ගුරුවරුන් හා ළමුන් 52ක් පමණ හා උපකාරක පංති ආශ්‍රිතයින් 100 දෙනෙකු සිටින බවත් ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකළ බවත් එම වාර්තා වල ප්‍රථිපල අනුව ඒ කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට හෙළිව ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More