පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න නොකළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් නියෝගය හෝ දැනුම්දීම නීතිවිරෝධී වන බැවින් එම බලපෑම් වලට යටත් නොවී වහාම චූදිතයන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය ප්‍රශ්න කළ යුතු බව ජාතික සංවිධාන කියයි.
අද දින (21) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවති පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේ ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාය.
එම අවස්ථාවේදී සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා සහ වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා අදහස් දැක්වූ අතර වසන්ත බණ්ඩාර මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයාගේ තීන්දුව මගින් අපරාධකරුවන්ට වැරදි පණිවිඩයක් ලැබෙන බවය.
එනම් මැතිවරණ සමයේ දී අපරාධ කළහොත් පොලිසියෙන් ප්‍රශ්න කිරීම මැතිවරණ කොමසාරිස්වරයා මගින් වලක්වාගත හැකි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...