දේශීය පුවත්

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා කටුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කඩුගන්නාව ප‍්‍රදේශයේදී බලපත්‍ර නොමැති ගිනි අවි දෙකක් සමග මහ ලේකම්වරයා අත්අඩංගුවට ගත්තේ යයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විහ්වාස භංගයට සහාය පල කරමින් අද පෙරවරුවේ ආරම්භ කරන ලද පා ගමන අතරතුරදී ලේකම්වරයා මෙසේ අත්අංගුවට ගෙන ඇත.

මහනුවරින් ආරම්භ කරන ලද පා ගමන විශ්වාස භංගය විවාදයට ගන්නා අපේ‍්‍රල් 04 වැනිදා කොළඹට ලගා වීමට නියමිතව තිබින.

එම පාගමනට සමග ගමන් කරමින් තිබූ සුඛෝපබෝගී ජිප් රථයක තිබී පොලූ තොගයක්ද පෙරවරුවේ සොයාගෙන තිබින.

අත්අඩංගුවට ගත් මහ ලේකම්වරයා පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ. ගිනිඅවිවල බලපත‍්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙසේ ඇප මත මුදා හැර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More