දේශීය පුවත්

අද මේ රටේ හාමුදුරුවරු මුරදේවතාවො නොවෙයි පාර්ලිමේන්තුවෙ හොරු රකින අකුණු සන්නායක බවට පත්ව ඇති බැවින් අපේ ජනබල පක්ෂය හරහා දණ නමන්න නැති සඟ පරපුරක් හදා 2025දී බැරිවුණොත් 2030දී අපේ ජනබල පක්ෂයේ මේ රටේ බලය අල්ලන බව අපේ ජනබල පක්ෂයේ නායක ගලගොඩඅත්තෙ ඥානසාර හිමි මහව උදාගමදි පැවසීය.

එම හිමියෝ අපේ ජනබල පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමෙන් පැවැති ජනහමුවේදී එසේ පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

‘‘මේ රටේ රාජ්‍ය බලය අල්ලලා තමයි මැරෙන්නෙ. එහෙම නොවුණොත් මේ රට ඉවරයි. ගරුතර ස්වාමින් වහන්සේලා ඉන්න ඕනෑ මේ රටේ දේශපාලකයන්ට ඉහළින්. බෞද්ධ චින්තනයට අනුව අපි මේ රට නැගිට්ටවන්න ඕනෑ.

හාමුදුරුවන්ගේ චින්තනය, මහින්ද චින්තනය, අරයගෙ චින්තනය මෙයාගේ චින්තනය නොවිය යුතුයි. 2015දී මහින්ද පැරැද්දුවෙත් මේ හාමුදුරුවරුමයි. ඒ තරම් බලයක් අපට තිබෙනවා.

දේශපාලනය බලය නොමැතිව අපට මේ මොනවත් කරන්න බෑ. සිංහලයට තියෙන එකම රට සිංහලයාට නැතිවෙනවානම් මේ භෞතික සංවර්ධනයෙන් ඵලක් නෑ. අපේ ඉතිහාසය විනාශ කරන්න බෑ. මහා වංශයේ ලියලා තියෙනවා, ගලේ කොටලා තියෙනවා. එහෙම ජාතියක් තමයි මේ කඩා වැටෙන්නෙ. අපි කතිර ගහනවා. මැති ඇමැතිවරු පොහොසත් වෙනවා. රට කඩා වැටෙනවා.

අද බාර් එකක් තියෙන එකා ඊළඟ කතිරෙන් පස්සෙ තව බාර් දෙක තුනක් අරිනවා. මන්ත්‍රීකම කියන්නේ බාර් පර්මීට් එකක්. වැලි ෆර්මීට් එකක්. ගල්කඩන්න නිධන් හාරන්න පර්මීට් එකක්. දුරාචාර වපුරන පර්මීට් එකක්. බහුතරයක් අද එතෙන්ට වැටිලා ඉවරයි. ඉස්ලාම් අන්තවාදය පරද්දවන්න ඕනෑ. මේ රටේ සමගිය හදන්න ඕනෑ. අපට තවම බැරිවුණා පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය ඇතුළේ ආකල්පමය වෙනසක් ඇතිකරන්න. මේ ගතවූ වසර 72ටම ඒක කරන්න බැරිවුණා.

මැදමුලනේ රාජපක්ෂ කඳවුරේ ගෝඨාභය කියන්නේ වෙනස්ම චරිතයක්. හැබැයි එයාටත් මේක කරන්න දෙන්නෙ නෑ. දේශපාලකයෝ විතරක් නෙවෙයි නිලධාරිනුත් හරස් වෙනවා. මේක කලු සුදු පැලැන්තියේ පරිපාලන ව්‍යුහය නිසා මොන ආණ්ඩුව ආවත් එංගලන්තයේ රිමෝට් එක තමයි මේ රටවල් පාලනය කරන්නේ. දෙශපාලකයන් වගේම නිලධාරිනුත් සියයට හැත්තෑවකට වැඩිය මේ තත්ත්වයට වග කියන්න ඕනෑ.’’ යැයි ද පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More