හිටපු ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රිෂාඞ් බදියුදීන් සහ රවි කරුණානායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පවත්වන පරීක්‍ෂණ අගෝස්තු මස 10 වැනිදා තෙක් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
නිරන්තරයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම හේතුවෙන් මෙම අපේක්‍ෂකයන් දෙදෙනාගේ ඡුන්ද ව්‍යාපාරයට බාධා එල්ල වී ඇති බවට කළ පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමිසම එම පියවර ගෙන තිබේ.
මේ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔහුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මැතිවරණයෙන් පසුව එනම් අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබීමට කටයුතු කරන ලෙසට අදාළ ලිපිය මගින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
එසේම මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ නීතිපතිවරයාටත් දැන්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පොලිස්පතිවරයාට යැවූ ලිපියෙහි දැක්වේ.
මීට ඉහතදී ද විවිධ පොලිස් විමර්ශනවලින් අපහසුතාවට පත්වන අපේක්‍ෂකයන් සම්බන්ධ විමර්ශන කටයුතු ඡුන්දයෙන් පසුව සිදුකළ බවත්, මෙවර ද එම ඉල්ලීමට පොලිසිය ගරු කරනු ඇති බවට කොමිසම විශ්වාස කරන බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...