දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරුණු නව දේශීය ආදායම් පනත හෙට සිට ක්‍රියාත්මකයි.
නව පනත හරහා මෙරට ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයවීමට නියමිත අතර මෙරට වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකු සඳහාම බදු ලිපි ගොනුවක් විවෘත කෙරෙනු ඇති.2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ් 2017 ජූලි මාසයේදීයි.

විපක්ෂය නියෝජනය කරන බොහෝ පිරිස් මෙම පනතට විරෝධය පල කළ අතර ඔවුන් සඳහන් කළේ නව පනත හරහා ජනතාව ගැටළු රැසකට මුහුණ දෙනු ඇති බවයි.කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පනත යලි සංශෝධය කෙරුණු අතර එලෙස සංශෝධනය කරන ලද දේශීය ආදායම් පනත පසුගිය සැප්තැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

නව පනතට අනුව වයස අවුරුදු 18 වැඩි මෙරට සෑම පුරවැසියෙක් සඳහාම බදු ලිපිගොණුවක් විවෘත කෙරෙනු ඇති.නමුත් රජය සඳහන් කරන ආකාරයට සෘජු බදු ගෙවීම්වලට යටත් වන්නේ සුදුසුකම් ලබන පුරවැසින් පමණයි.නව බදු පනත ගෙන ඒම හරහා රාජ්‍ය බදු ආදායමේ සියයට 80 ක් ලෙස සටහන්වන වක්‍ර බදු ප්‍රතිශතය සියයට 60 දක්වා අඩු කර 20%ක්ව පවතින සෘජු බදු ප්‍රතිශතය 40% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි.

හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිත නව දේශීය ආදායම් පනතේ ඇතුළත් ප්‍රධාන බද්දක් වන්නේ ප්‍රාග්ධන බද්දයි.යම් පුද්ගලයෙකු තමන්ට හිමි දෙවැනි නිවස හෝ ඉඩම විකිණීමේදී මෙන්ම ආයෝජන වත්කමක් වන නිවහනක් විකිණීමේදී වෙළඳපොලේ මිල හා විකුණුම් මිල අතර වෙනස 10% ක බද්දකට යටත් වනවා.

නව පනත අනුව උපයන විට ගෙවීමේ බදු සඳහාවන වාර්ෂික සීමාව රුපියල් 750,000 සිට රුපියල් ලක්ෂ 12 දක්වා ඉහල දමා තිබෙනවා.මේ හේතුවෙන් දැනට බදු ගෙවමින් සිටින රැකියා නියුක්ත බොහෝ පිරිසක් බදු ගෙවීමෙන් නිදහස් වනු ඇතැයි රජය පවසනවා.ඒ අනුව කිසියම් පුද්ගලයෙකු උපයන මාසික ආදායම රුපියල් 100,000 ක් දක්වා බදු වලින් නිදහස් වන අතර ඊට අමතරව උපයන ආදායම සඳහා නියමිත පොලී අනුපාතයන් යටතේ බදු කියාත්මකයි.

මීට අමතරව වර්ෂයකට රුපියල් මිලියන 25.5 ක ආදායමක් උපයන වෘත්තිකයන්ට කලින් බලපෑ 12%ක බදු අනුපාතය 24% දක්වා ඉහල යෑම ද විශේෂත්වයක්.මාසික ආදායම රුපියල් ලක්ෂ 3කට වඩා වැඩියෙන් උපයන වෛද්‍යවරුන්, නීතිඥයින් වැනි වෘත්තිකයින්ට මෙය විශේෂයෙන් බලපානු ඇති බව රජය පෙන්වා දෙනවා.නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීමත් සමග මෙරට බැංකුවල ඉතුරුම් ගිණුම්වන පොලී ආදායම මත 5%ක රඳවා ගැනීමේ බද්දක්ද අය කෙරෙනවා.කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වල මාසික පොලී ආදායම රුපියල් එක්ලක්ෂ 25,000 නොඉක්මවන්නේනම් ඔවුන් එම බද්දෙන් නිදහස්.විදේශයක සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු ශ්‍රී ලංකාවේ බැංකුවක රඳවා ඇති මුදලට ලැබෙන පොලිය මතද 5%ක බද්දක් පැනවීමට නියමිත අතර එය මෙම පනත හරහා හඳුන්වාදෙන නව බද්දක්.

දැනට තිබෙන බදු නිදහස් කිරීම් සියල්ල හෙට සිට අහෝසිවන අතර නව බදු නිදහස් කිරීම් සිදු කළ යුත්තේ නව පනත යටතේයි.ඒ අනුව,රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ජනාධිපති අරමුදලෙන් ලැබෙන මුදලක් රුපියල් ලක්ෂ 5 නොයික්මවන ලොතරැයි තෑගි මුදලක්රජයෙන් ලැබුණු වාහන බලපත්‍රක් යටතේ සේවකයෙකු හට ලැබෙන ප්‍රතිලාභ ආදී අංශ කිහිපයක් ඊට ඇතුලත්.නව දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ නව බදු ක්‍රමය හරහා වක්‍ර බදු අඩු කර සෘජු බදු ඉහල නැංවීම අපේක්ෂා කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More