2016 වසරේදී සිදු වූ රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට අගොස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි කර ඇත.
සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල, සහ දිලුම් තුසිත කුමාර අනෙක් දෙදෙනා වේ.
2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයටකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී, එම තරුණයා බරපතළ තුවාල ලැබීය.
එහිදී සන්දීප් සම්පත් සමඟ සිටි වෙනත් තරුණයෙකු අනතුර සිදුකළ රථය ලුහුබැඳගොස් නතර ගෙන තිබූ අතර අදාළ තරුණයා පැවසුවේ එම අවස්ථායේ රථය පැදවූයේ එවක කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතා බවය.
එම තරුණයා එසේ පැවසූවද අනතුර සිදු කළ රථයේ රියදුරු ලෙස බොරැල්ල පොලීසියට බාර වූයේ වෙනත් පුද්ගයෙකි.
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අදාළ අනතුර සිදු වූ ස්ථානවල තිබූ සීසීටීවී දර්ශන මැකී ගොස් ඇති බවය.
කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එහිදී ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසය.
ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරනු ලැබීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...