දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ගේ අවධානය යොමුවී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කරයි.

වර්තමාන ආණ්ඩුව මගින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විශාල සේවයක් සිදුවූ බවත් තවත් සේවාවන් රැසක් ලබාගැනීමට නියමිතව තිබෙන බවත් එම මනත්‍රිවරයා පෙන්වා දෙයි.

යම් හෙයකින් වර්තමාන යහපාලන ආණ්ඩුව කඩාවැටුණොත් එය උතුරු නැගෙනහිර ජනතාවට විහාල පාඩුවක් බවද එම මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉන්දියාවට ගොස් ඇත. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය අප්‍රේල් 02 වෙනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මේ වන විටත් විශ්වාසභංගය හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය දෙකඩවී ඇති බවත් මනත්‍රිවරුන් 07 දෙනෙකු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදානමින් සිටින බවත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More