දේශීය පුවත්

56 පෙරළිය අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙන ගිය සටනෙහි කූටප්‍රාප්තිය සනිටුහන් කළ බව ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි.

ආචාර්ය අමරසේකර මේ බව සඳහන් කළේ යුතුකම ජාතික සංවිධානය මගින් සංවිධානය කළ “56 ආදර්ශය කළුතරින් මුළු රටටම” සම්මන්ත්‍රණය සඳහා හොරණ (18) සහභාගී වෙමිණි.

“56 ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය ලබා දුන්නේ බණ්ඩාරනායක මහත්තයා. නමුත් ඒ සඳහා උවමනා සමාජ දේශපාලන පසුබිම දශක ගණනාවක් තිස්සේ නිර්මාණය වුණා.

එය ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රතිඵලයයි. රට වටා ගොස් ජනතාව අමතමින් ඔවුන් තුළ පැවති සභ්‍යත්ව විඥානය අවදි කළේ ධර්මපාලතුමා. ඒ සමග සඟ,වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය ගොඩනැඟුණා.

බෞද්ධ කොමිසන් සභා වාර්තාව වගේම ජෝන් කොතලාවලගේ අතිශය බටහිර ගැති ආණ්ඩුවත් 56 පෙරළියට උත්තේජනයක් වුණා. 56 පෙරළිය මෙරට සමාජ සංස්කෘතික පෙරළියක ආරම්භය කියලා බණ්ඩානායක මහත්තයා පවා මුලදී දැන සිටියේද කියන එක ප්‍රශ්නයක්. ඔහු සමග මුල දී එක්වූ මාතලේ අළුවිහාරේ වගේ අය අනතුරුව නැවත එජාපයට එකතු වුණා.

අදත් 56 පෙරළිය වගේම තත්ත්වයක් නිර්මාණය වෙලා. එදා බණ්ඩාරනායක මහත්තයාට තිබුණු ජනතා ප්‍රසාදය අද ගෝඨාභය මහත්තයාට තිබෙනවා. ඔහුට 2/3 බලයක් ලබා දී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උදව් කිරීම අපේ වගකීමක්. ඒ නිසා ගෝඨාභය ජනාධිපති ධුරයට පත්කළ අය එතුමාගේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උදව් කරන පාර්ලිමේන්තුවක් පිහිටුගන්න එකතු විය යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More