දේශීය පුවත්

ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයක් මත අගමැතිවරයා විසින් පත් කරන ලද MCC විමර්ශන කමිටු වාර්තාවට අදාළව ඇමතිවරුන්ගේ නිර්දේශ කැඳවූ බව පසුගිය දිනවල වාර්තා විය.

ඉන් පසුව යම් ඇමතිවරුන් තම නිර්දේශ ලබා දීම සඳහා කල් ඉල්ලා ඇති බවද වාර්තා විය. නමුත් ඇමතිවරුන් වැඩි පිරිසක් විසින් තම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ලබා දිම වෙනුවට එම වගකීම අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරා ඇති බව යම් අමාත්‍යංශ වලින් වාර්තා විය.

ඉන්පසුව අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් සාමූහිකව සාකච්ඡා කොට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට තීරණය කිරීම නිසා ඔවුන් විසින් ඒ සඳහා විදේශ අමාත්‍යංශයේ ලේකම් වරයාගේ උපදෙස් පතා ඇති බවද විදේශ අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා විය.

ඒ අනුව විදේශ ලේකම්වරයා විසින් ඇමරිකාව තරහ කර ගන්නා ආකාරයකට MCC ප්‍රශ්ණය කළමණාකරනය නොකළ යුතු බවට සහ ගුණරුවන් කමිටුවේ ඇමුණුම ප්‍රකාශයට පත් නොකරන ලෙස අගමැතිවරයාට උපදේශාත්මක ලිපියක් යවා ඇති බව ද වාර්තා වේ.

නමුත් විදේශ ලේකම්වරයා විසින් ඒ සඳහා විදේශ අමාත්‍යවරයාගේ අවසරය ලබාගෙන නැති බවද වාර්තා වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More