පුරවැසි කොලම

අපගේ ඓතිහාසික ඇතුගල් නුවර මුල් කරගෙන එහි ප්‍රෞඩත්වය ,ඓතිහාසික උරුමය විනාශකරන ක්‍රියාවලිය එහි නගරාධිපතිවරයා මුල් වි නගර සභාව විසින්ම සිදු කිරිම කිසියමිි අදිසි හස්තයක් ක්‍රියාත්මක විමක්ද ? අප මේ ගත කරමින් සිටින්නේ අධි සංවේදි කාලපරිචිඡෙදයකි. මහජන අප්‍රසාදයට පත් වු යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාවට නැගු , අපගේ ජිවන උරුමය වනසන ක්‍රියාවලිය ද හිතකාමිි අතිපුජනිය මහ සඝරුවන හා ජනතාව මහත් පරිශ්‍ර මයක් දරා පරාජයට පත් කරනු ලැබිය.ඉන් අනතුරුව අප මවු බිම නැවුම් ප්‍රවේශයක සුවඳ රටට දැනෙන්නට විය. එම කුියාවලිය අති ගරු ගෝඨාහය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් හා මග පෙන්විමෙන් යුතු වැඩපිළිවෙළක් විය. එවන් වටපිටාවකදි කුරුණෑගල රාජධානිය ආශ්‍රිතව ගොඩ නගා ඇති රාජ සභා මණ්ඩපය යැයි සැලනෙක ගොඩනැගිල්ල කුරුණෑගල නගරාධිපතිගේ සෘජු මැදහත්විමෙන් විනාශ කිරිම මහත් අවාසනාවකි. මෙම ගොඩනැගිල්ල දැනට පවතිනුයේ නගර සභාව භාරයේය. පොලොව මතුපිට ඇති මෙම ගෙඩනැගිල්ල මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරන බව එම ගොඩනැගිල්ල නිරික්ෂණයේදී පසක්කර ගත හැක.දළ වශයෙන් මෙම මතුපිට ගොඩනැගිල්ල වසර 150 වඩා පැරණිය.

2020 වසරේ නගර සැලසුම් ව්‍යපෘතියට අදාලව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිර්මාණය ආශ්‍රිතව කරන ලද සොයා බැලිමිි වලින් අනතුරුව ඓතිහාසික උරුමයක් බැවින් නගර සංවර්ධනය වෙනුවෙන් එක කඩා ඉවත් කිරිමට අවසර දිය නොහැකි බව ලිඛිිතව ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තාවේ.

ඒ සදහා බලපැවේ කුමන බලධාරියාගේ අදිසි හස්තයද ?? මෙ පිටුපස සිටින බලවේගය කුමක්ද….??
ගරු අගමැති තුමන් අපකිර්තිටයට පත් කිරිමේ සැලසුමක්ද ???? රජය කෙරේ ජන අප්‍රසාදය ගොඩ නැගිමට බලධාරි නිලධාරිගේ ක්‍රියාදාමයක්ද ? තවද අතිශය විනාශකාරි සිදුවිම වනුයේ මෙම දැවමය නිර්මාණයට යටින් ඇති ගල් වලටද හානි සිදු කිරිමයි. එම ගල් කණු නිරික්ෂණය කිරිමේදි අවබෝධ කර ගත හැකි කරුන නමිි එම ගල් කණු අනුරාධපුර යුගයට අයත් ශිල්පීය ලක්ෂණ පෙන්නුමිි කරන බවයි.එසේ නමිි මෙම නිර්මාණ අප හිතනවාට වඩා ඉතිහාසයකට දිව යන බවයි. මේ වනසන්නේ එවන් අසිරිමත් ඉතිහාසය නොවෙිද.එම සාධක අනුව මෙහි මුල් නිර්මාණ අනුරපුර යුගය දක්වා දිව යන්නේද ? ඒ රජ දවස රජවරුන් තැනු ගමන් මාළිගයක්ද ? පසු කාලිනව එම ප්‍රදේශ මුල් කරගෙන කුරුණෑගල රාජධානි බිහි වුණිද.පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානයක මහතාගේ මැදහත් විමෙන් කැණිමක් කොට මෙහි නිවැරදි තෙරතුරු සොයාගත යුතුවේ.මෙම විනාශය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් හා විශයානුබද්ධ දැනුමක් ඇති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානයක මහතා මේ පිළිබදව ප්‍රමාණවත් මැදිහත් විමක් කළ යුතු වේ.එය ජාතියේ අපේක්ෂාවයි.

තත්වය මෙසේ තිබියදි 2020 /07 /14 දින රාත්‍රී නගර සභාවේ මැදිහත් විමෙන් මෙම මතුපිට ගොඩනැගිල්ලේ විශාල කොටසක් ඩොසර් කර සහතලා කර ඇත.මෙලෙස ඓතිහාසික ගොඩනැගිල්ලක් විනාශ කිරිමට නගරාධිපතිට බලය දුන්නේ කවුරුද.මෙම විනාශය ට නගරාධිපතිවරයා නිර්දෙස මත නියෝග දුන් ඉංජිනේරුවරයා කවුද ??මෙම සහාසික අපරාධය ට ඔහු මෙහෙය වුයේ කවුරුද.මෙහි මුල් විනාශය ට එරෙහි පොලිසියේ පැමිණිල්ලක් තිබියදි මහ රෑ මෙම අපරාධය කිරිම කුමන අරමූණකින් කරන ලද්දක්ද.නගරාධිපතිවරයා ගේ මෙම විනාසය හමු වේ පොලිසිය නිහඩ වන්නෙ කුමක් නිසාද.මෙම විනාශය ට එරෙහි ව කටයුතු කිරිමට 1998 සංසෝධිත පුරා වස්තු පණතේ 15 (ආ) වගන්තිය අනුව අපරාධකරුවන් ගරු අධිකරණයට ඉදිරිපත් කිරිමට බලය ඇත. දැනට අපරාධය කර සතියකටත් වැඩිය. එහෙත් පොලිසි නිදිය.

පසුගිය බිහිසුනු යුධ සමයේ වුවද උතුරු පළාත..නැගෙනහිර පළාත් වල අන්තවාදින් විසින් මෙතරමිි සහාසික ලෙස පුරා වස්තු වනසා නැත.මඩකලපුව දිස්ත්‍රික්කය දශක තුනක් පමණ තිස්සේ සාමාන්‍ය ජනයාගෙන් හුදකලා වුනු පුදේශයක් වු නමුත් ඒ පුදේශ වළ අප විසින් කළ සංචාර වලදි පෙනි ගියේ මෙතරමිි සහසික ලෙස පුරා වස්තු වනසා නොමැති බවය.එම අන්තවාදින් සමග සැසදිමේදි කුරුණෑගල නගරාධිපතිවරයා සහාසික විනාශකරුවකු බව කිව යුතුමය. ඇස් පනාපිටම මෙතරමිි සහාසික අපරාධයක් කර තිබියදිත් එය සොයා බැලිමට කමිටු දමන්නේ ඇයි.එමගින් මෙ සිදුවිම යට ගැසිමටද ????

අප රටෙහි පොලිසිය, පියා වරදක් කළ විට පුතා රැගෙන ඒමට තරමිි අනීතික වන අවස්ථා අප අසා ඇත.එනමුත් ප්‍රසිද්ධියේ ජාතික අපරාධ කරන විට ඇස් පියාන සිටී……අඹ ගෙඩි අටට…පොල් ගෙඩි දෙකට හිරේ යන රටක ජාතික අපරාධ කරන තක්කඩි නිදැල්ලේ සිටීම 69 ලක්ෂයේ ප්‍රාර්තනාව නෙවන බව අපගේ අදහසයි.රට ජාතිය රැක ගත් අති ගරු ජනාධිපතිතුමනි..ගරු ආරක්ෂක ලේකමිි තුමනි ඔබතුමන්ලා වැනි දෑ හිතකාමි මහත්වරුන්ගෙන් ජාතිය සාධාරණත්වය අපේක්ෂා කරයි.

ජනක බෝධිනන්ද ගුණතිලක
කැඳවුම්කරු
ජාතික උරුමයන් සුරුකිමේ මහා සම්මේලනය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More