දේශීය පුවත්

සහරාන් හෂීම් අඩපණ කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කියා එස්.ටී.එෆ්. කණ්ඩායමක් ලබා දෙන්නැයි ප්‍රහාරයට දින දෙකකට පෙර තමන් එවක රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කළද ඊට ප්‍රතිචාර නොලද බව එස්.ටී.එෆ්. අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පසුගිය සිකුරාදා (17 වැනිදා) ඔහු ඒ බව පැවැසුවේය.

ප්‍රහාරය එල්ල වීමට දින දෙකකට පෙර එනම් අප්‍රේල් මස 19 දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන කැලඹුණු ස්වරූපයකින් තමන්ට දුරකතන ඇමතුමක් ලබාදුන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

“ වරුණ කාන්තන්කුඩියේ සිදුවීමක් වෙලා තියෙනවා., දන්නවාද, පොලිසිය කියන්නේ ඒක අකුණක් කියලා. එත් ඒක අකුණක් වෙන්න බැහැ. එක පිපිරීමක් ” යැයි රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ට පැවසූ බවද සාක්ෂිකරු කියා සිටියේය .

“ මල්ලි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ඇටෑක් එකක් කරන්න යන්නේ ” යනුවෙන්ද නිලන්ත ජයවර්ධන පැවැසූ බවත් ඒ අනුව ඔහු දැඩි පීඩනයකින් පසුවූ බව තමන්ට හැඟී ගිය බවත් වරුණ ජයසුන්දර පැවැසුවේය.

කෙසේ වෙතත් එම තොරතුරේ තිබූ සංකීර්ණභාවය වටහා ගත් තමන් ‘‘සර් ඔබතුමාට පුළුවන්නම් ජනාධිපතිගේ අවසර ඇතිව මට STF කණ්ඩායමක් අරන් දෙන්න, මම සහරාන් අඩපණ කරන්නම්” යනුවෙන් ඉල්ලීමක් කළද එයට පිළිතුරක් නොලැබුණු බව සාක්ෂිකරු කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More