දේශීය පුවත්

සමස්ථ ලංකා වරාය සේවකයින්ගේ සංගමයේ ( ACPGWU ) ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පුවත්පතකට ප්‍රකාශ කොට ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ පුද්ගලික සමාගමකට දිම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ජනතාව සහ අමාත්‍ය මණ්ඩල නොමඟ යැවීමට උත්සහා කරන බවය.

ජනාධිපතිතුමා විසින් ජූලි 03 වැනි දින පත් කරන ලද කමිටුවේ වාර්තාව ලැබීමට පෙර මෙසේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වරදක් බව ඔහු සඳහන් කරයි.

ජනාධිපතිතුමා විසින් ජූලි 03 වැනිදා විශේෂ කමිටුවක් පත්කරනු ලැබුවේ, නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ සුදුසු ක්‍රමවේද සහ ගැටළු පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ය. එම වාර්තාව අදාළ දින නියමිත අතර මේ වන තුරු එම වාර්තාව ජනාධිපතිවරයාට බාර දී නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More