දේශීය පුවත්

‘‘ලෝකයේ ඉන්ධන මිල අවම වෙලා ඇති අවස්ථාවේ තව අවුරුද්දකින්වත් ලංකාවේ ඉන්ධන මිල පහළ නොදමන බවට වත්මන් රජය කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව පවසනවා.

මා බලයට පත්වී සමගි ජන බලවේගයේ රජයක් යටතේ ආණ්ඩුව පිහිටුවා පැය 24 ක් ඇතුළත තෙල් මිල පහළ බස්සවනවා’’ යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පෙරේදා (18 දා) අනුරාධපුර තලාවේ පැවති ජනහමුවෙකදී පැවසීය.

මෙම රැුස්වීම කලාවැව ආසනයේ සමගි ජන බලවේගයේ අපේක්ෂක කලාවැව ආසන සංවිධායක අනිල් රත්නායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබිණි.

මෙහිදී කතා කළ සජිත් පේ‍්‍රමදාස මහතා කුලී වැඩ කොට එදා වේල සොයා ගන්නා ජනතාව වෙනුවෙන් මසකට එක් පවුලකට රුපියල් විසි දහසක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බව කීය. වත්මන් රජය ලෝකයට අණබෙර ගහලා සියයට 4 පොලී අනුපාතයට ණය ලබාදෙන බව කියා පත්තරවල පොල්ගෙඩි අකුරෙන් දැම්මත් එය පුස්සක් බවත්, රජයේ විදුලිබල ඇමැතිවරයා රජයේ නාලිකාවලට පැමිණ පසුගිය මාර්තු, අපේ‍්‍රල්, මැයි, ජුනි මාසවල විදුලි බිල වෙනුවෙන් ගෙවූ මුදල් අඩුකර දෙන බවට පුරසාරම් දෙඩෙව්වත් එයද පුස්සක් බවද හෙතෙම පැවසීය.

එහිදී තවදුරටත් ජනතාව ඇමතූ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ සමයේ විශේෂයෙන් අනුරාධපුර ජනතාවට නොමිලේ දෙන බව පැවසූ පොහොර දුන්නා දැයි ජනතාවගෙන් ඇසීය. මුදල්වලටවත් පොහොර ගැනීමට හැකිවුණාදැයි ජනතාවගෙන් විමසූ හෙතෙම මෙම ප්‍රෝඩාකාරී ආණ්ඩුව පැරදවීමට කලාවැව ජනතාව කටයුතු කළ යුතු යැයි කියා සිටියේය.

කලාවැව ආසනයේ සමගි ජන බලවේග ආසන සංවිධායක අනිල් රත්නායක මහතා තම පෞද්ගලික දේපළ මිල මුදල් සමාජ සේවය වෙනුවෙන් වැය කොට ඇති බවත් ඔහු අනිවාර්යයෙන්ම මැතිසබයේ සිටිය යුතු අයකු බවත් පැවසූ සජිත් පේ‍්‍රමදාස මහතා වත්මන් රජය බොරුවෙන්, ප්‍රෝඩාවෙන් රට පාලනය කරන ආණ්ඩුවක් බවත් රජය කොවිඞ් 19 වසංගතය පාලනය කර ඇති බවට පුරසාරම් දෙඩෙව්වත් දෙවැනි රැුල්ල පිළිබඳව රාජාංගනයට ගොස් බැලිය යුතු බවත් පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වූ මයන්ත දිසානායක, පී. හැරිසන්, රෝහණ බණ්ඩාර, ජයලත් බණ්ඩාර, අනිල් රත්නායක යන මහත්වරුද අදහස් දැක්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More