මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනයන් පිළිබඳ තීරණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත් වේ.
අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් අතර පැවැත්වෙන එම සාකච්ඡාවෙන් අනතුරුව විභාග පැවැත්වෙන දින ප්‍රකාශය ට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ව තිබු අදාළ විභාග මසකින් කල් දැමීමට පසුගිය මාසයේ දී තීරණය කෙරුණි.
එහෙත් පවතින තත්ත්වය හමු වේ එම දිනයන් වෙනස් කරන ලෙස විවිධ පාර්ශවවලින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් සිදුකර තිබු බව වාර්තා විය.
එමෙන්ම කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් විභාගය පැවැත්වෙන දිනය තීරණය කිරීම අද දිනය දක්වා කල් තැබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...