දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය හා ඊ.පී.ඩී.පී.සංවිධානය මේ දිනවල එකට වී ක්‍රියා කරණු ලබන්නේ දේශපාලන කටයුතු සඳහා පමණක් බවත් එම සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවට ඉලංගෙයි තමිල් අරුසක්ච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පැවසීය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මාවෙයි සේනාධිරාජා මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් ටෙලෝ සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සෙල්වම් අඩෙයිකලනාදන් මහතා හා ටෙලෝ සංවිධානයේ මහලේකම් එස්.ශ්‍රීකාන්තා මහතා යාපනයේදී ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවාන්නදා මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම පක්ෂ දෙක අතර යම් එකගතාවයක් ඇතිව තිබේ.

අනතුරුව පසුගිය දිනවලදී පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරුන් තේරීමේදී ඊ.පී.ඩී.පී.සංවිධානයේ සභිකයින් දෙමළ ජාතික සන්ධානයට සහය දක්වා සිටියේද එම සාකච්ඡා වලින් පසුව බවට මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම යාපනය මහනගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේදී ඊ.පී.ඩී.පී.සංවිධානයෙන් තරඟ කිරීමට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඉල්ලා අස්වූයේද මේ තත්ත්වය මත බවත් මේ තත්ත්වය දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අතිකරගෙන ඇති එකගතාවයක් මිස දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් බවට ඊ.පී.ඩී.පී.සංවිධානය එක්වීමක් නොවන අතරම ඊ.පී.ඩී.පී.සංවිධානය මේ අන්දමට දෙමළ ජාතික සන්ධානයට සහය දැක්වීමට තීරණය කොට ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් බහුතර සභිකයින් පිරිසක් දෙමළ ජාතික සන්ධානයෙන් තේරී සිටීමත් ඔවුන්ට ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් සලසා දීමක් වශයෙන් බවටද මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා ඇත.

දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් කිරීමට ඉදිරිපත් වී සිටින දෙමළ ජනතා විමුක්ති සන්ධානයට උතුරේ බලය මේ අවස්ථාවේදී ලබා දුනහොත් උතුරේ ජනතාවට රජයෙන් කිසිදු සහනයක් නොලැබෙන බව ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබුණි.

ඊට හේතුව වශයෙන් ඔහු ඉදිරිපත් කොට ඇත්තේ වත්මන් රජය සමඟ කටයුතු කරන්නේ දෙමළ ජාතික සන්ධානය මිස දෙමළ ජනතා විමුක්ති සන්ධානය නොවන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More