දේශීය පුවත්

දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ස්වයං පාලනය සහතික කිරීම සඳහා ‘අපගේ ඓතිහාසික වාසස්ථාන’ මත පදනම්ව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ සන්ධානය ප්‍රකාශ කර සිටියි. 2020 මහ මැතිවරණය වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (18 වැනිදා) යාපනයේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් දෙමළ සන්ධානය මේ බව පැවසීය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙමළ සන්ධානය 2020දී අත්සන් කළ සටන් විරාම ගිවිසුමේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එකඟ වූ ස්ථාවරයද සිහිපත් කර ඇත.

‘‘අභ්‍යන්තර ස්වයං නිර්ණය පිළිබඳ මූලධර්මය මත පදනම් වූ විසඳුමක් සොයා ගැනීම සඳහා ෆෙඩරල් ව්‍යුහයක් මත පදනම්ව දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික වාසස්ථාන වෙනුවෙන් විසඳුමක් ලබාදිය යුතුයි’’

අනතුරුව, මහින්ද රාජපක්ෂ පාලනය විසින් ‘නැවතත්’ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන බවට ඉන්දීය රජයට සහතික වූ බවද දෙමළ සන්ධානය සිහිපත් කර ඇත. එසේම 2015 මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිදුකළ ‘ප්‍රාන්ත, දිස්ත්‍රික් සහ ගම් බලගැන්වීම වෙනුවෙන් ෆෙඩරල්වාදය කෙරෙහි මම දැඩි විශ්වාසයක් තබමි’’ යන ප්‍රකාශයද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ උපුටා දක්වා තිබේ.

ස්වෛරීභාවය පවතින්නේ ජනතාව මත මිස රජය සමග නොවන බවද දෙමළ සන්ධානය මෙහිදී අවධාරණය කර ඇත. දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ආණ්ඩුකාරවරයා වෙත බලය කේන්ද්‍ර ගතවී ඇති බැවින් එය දෝෂ සහගත බවද ප්‍රකාශ කරන දෙමළ සන්ධානය ඒ ඔස්සේ ඒකාධිපති රාජ්‍යයකට පාර කැපී ඇති බවද අවධාරණය කරයි.

දෙමළ ජාතික සන්ධානයේ 2020 අගෝස්තු 05 මහමැතිවරණය වෙනුවෙන් වූ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ඇතුළු මැතිවරණ අපේක්ෂකයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



One thought on “ටී.එන්.ඒ. පරණ තැටියම දමයි – ස්වයං පාලනයකට ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි”

  1. This bloody idiots are anticipating a blood shedding again in view of their political stability. Tamil masses must react this with their wisdom as the all mighty weapon and cast their vote.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More