දේශීය පුවත්

රාගම මෙල්ස්ටා පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කරන වෛද්‍යවරයෙකුට පසුගිය 13දා කොරොනා රෝගය වැළඳීම නිසා ඔහු කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කර තිබූ පුවත මාධ්‍ය වාර්තා කර තිබූ අතර අද වාර්තාවන්නේ ඔහුගේ  කිරිවත්තුඩුව ,තුඩුව වත්ත ප්‍රදේශයේ නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි මව බිරිය හා දරු තිදෙනාටද කොරෝනා පරීක්ෂණය ධනාත්මක වී ඇති බවයි.
ඔවුන් අද 19දා සවස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා තහවුරු කළේය.

මෙම වෛද්‍යවරයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආරාධිත උපදේශකවරයෙකු ලෙස ද සේවයකරන අතර ඔහුට කොරොනා රෝගය වැළඳීමෙන් පසුව එම නිවසේ පදිංචිව සිටි වෛද්‍යවරයාගේ බිරිඳ (37), ඇයගේ මව,(56) පුතා (11) සහ දියණිය (06) යන අය ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.

පසුව වෛද්‍යවරයා සංචාරණය කළ බව පැවසෙන ස්ථාන කිහිපයක් නිරෝධායනයට ලක් කොට ,එම ස්ථාන වලට ආ ගිය 34 දෙනකු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන ඇත.

ඒ අතර පසුගිය 17දා ,වෛද්‍යවරයාගේ නිවසේ පදිංචි මේ අය පී.සී.ආර් පරීක්ෂණයට ලක්කරන ලද අතර තහවුරු වී ඇත්තේ එම නිවසේ පදිංචි වෛද්‍යවරයාගේ මව බිරිඳ පුතා සහ දියණිය ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවයි.56 හැවිරිදි කාන්තාව තවදුරටත් ස්වයං නිරෝධායනයට වන්නට ඉඩ තබා පවුලේ අනෙක් අය අද සවස, ගිලන් රථයකින් කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More