දේශීය පුවත්

කුරුණෑගල ඓතිහාසික රාජසභාව ඩෝසර් කළ අයට කුමන තරාතිරමක වුවත් ඉහළම දඬුවම දිය යුතුයැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාට කියා සිටිති.

මෙම ඓතිහාසික රාජසභාව පමණක් නොව කුමන අන්දමේ පුරාවස්තු වැනසුවත් නිසි දඬුවම් දීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් යැයිද මේධානන්ද නාහිමියෝ අවධාරණය කරති.

කුරුණෑගල ඓතිහාසික පුරවරයේ පුරාවස්තු තිබෙන්නේ අතලොස්සයි.එයින් මේ රාජසභාව ප්‍රධාන තැනක් ගන්නවා.මෙය රජවරු සතර දෙනෙක් රාජසභාව ලෙස භාවිතා කළ තැනක් බව ජනප්‍රවාදයේත් සදහන් වෙනවා.යාපහුව රාධානිය ඇදවැටිමෙන් පසු දෙවන බුවනෙකබාහු රජතමා කුරුණෑගල රාජධානිය ආරමිභ කරනවා.ඉන් පසු හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා, 2 වන බුවනෙකබාහු රජතුමා ,පස්වෙනි විජයබාහු රජතුමා කුරුණෑගල රජකරනවා.පසුව කුරුණෑගල රාජධානිය බිඳවැටිමෙන් ගම්පොල රාජධානිය ඇතිවෙනවා.

අඥාන ප්‍රාදේශිය පාලකයන් විසින් කඩාදැමු මෙම රාජසභාව රජවරු සතර දෙනෙක් නඩු ඇසීම සදහා භාවිතා කළ තැනක්.මේ ස්ථානයට මුලදි හානි කරද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කළත් නිසි ක්‍රියාමාර්ගයක් අරන් නැහැ.අවසානයේ සිදුවුනේ වටිනා පුරාවස්තුවක් ජාතියට අහිමිවිමයි.

මේ ආකාරයෙන්ම මාර්ග සංවර්ධනය කරන්න කියලා මන්නාරමේ මාතොට රජමහා විහාරය විනාශ කලා. අවසානයේ එහි තිබු වයිනා සෙල්ලිපි හා පුරාවස්තු කැබලි බවට පත්වෙලා පාර පුරා තිබුණා.අන්තිමට අපිට ඇහැදගන්න වුණේ ඒ වටිනා සෙල්ලිපිවල කබලි ටික විතරයි.

කුරුණෑගල රාජසභාවට කළේ විශාල අපරාධයක්.එසේම අඥාන වැඩක්.මේ ලෙස රටේ උරුමය ඩෝසර් කරන්න කාටවත් අයිතියක් නැහැ.ඒ නිසා මෙයට වගකිය යුත්තේ කුමන පක්ෂයක කෙනෙක් වුවත් කුමන ජාතියක අයෙක් වුවත් ඒ කිසිවක් නොතකා නිසි දඬුවම ලබාදිය යුතුමයි යැයි මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More