මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.
තැපැල් ඡන්දය භාවිත කිරීමට පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුකෙරුණි.
විවිධ හේතු මත එම කාල සීමාව තුළ දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා හෙට සහ අනිද්දා දින ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
ඒ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකිය.
කෙසේ වුව ද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඉදිරියේ දී එම ප්‍රදේශවල අයඳුම්කරුවන්ට තැපැල් ඡන්දය භාවිත කළ හැකි දින පිළිබඳ දැනුම්දීමට නියමිතය.
මේ අතර අද (19( නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...