දේශීය පුවත්

දේශීය සම්පත් විකුණා දැමීමේ පරමාර්ථය හැර වෙනත් කිසිදු පරමාර්ථයක් පසුගිය රජයට නොතිබූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහියංගනය ප්‍රදේශයේ පැවති ජනහමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

එසේම ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත්වීම පහසු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අපහසුතා මධ්‍යයේ වුවද රටේ සම්පත් අනාගත පරපුරට හිමිකර දීමේ සටන අත් නොහරින බව ද පැවසීය.

ජාත්‍යන්තර ගිවිසුම් මගින් රටට අහිමි කළ සම්පත් අනාගත පරපුරට නැවත හිමිකර දීම සිය අදිටනක් යැයි ද එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මහියංගනය ඇතුළු රට පුරා ගොවි නිෂ්පාදන වැඩි කර, දේශීය වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම මගින් ගොවි ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More