අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් කරගෙන යන විමර්ශනවලදී තවත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වී ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හරහා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විකුණා ඇත්තේ බන්ධනාගාරගතව සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේසුදාගේ බඩෝවිට ප්‍රදේශයේ සිටින ඔහුගේ ගෝලයෙක් හරහා බවය.
මේ සම්බන්ධයෙන් පොලිසිය කළ වැටලීම්වලදී පොලිසියට එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ජීප් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මේ වන විට ලක්ෂ 50ක මුදලක් වැය කරමින් මන්නාරම හරහා ඉන්දියාවට පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඉන්දයාවට පැන ඇති මෙම පුද්ගලයා මේ වන විට ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හරහා ඩුබායි පැනීමට සූදානමින් සිටින බවටත් මේ වන විට බුද්ධිඅංශ වාර්තා මගින් අනාවරණය කරගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...