මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (18) දිනය තුළ පමණක් ආසාදිතයින් හත්දෙනෙකු හඳුනාගැණුනි.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් පස්දෙනෙකු ඒ අතර වේ.
ඔවුන්ගෙන් සිව්දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවෙකු ද ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්ව සිටි අය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නිරෝධායනට ලක්වෙමින් සිටි පිලිපීනයේ සිට පැමිණි අයෙකු ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනාගැණුනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...