පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ දී සිදුවූයේ පළිගැනීම් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද (18) කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේ දී පැවති ජන හමුවකට එක්වෙමිනි.
යම් ආණ්ඩුවක් විසින් හොඳ ක්‍රියාවක් සිදුකළේ නම් එය ඉදිරියට ගෙන යාම ඉන් පසුව එන ආණ්ඩුවේ වගකීමක් බව ද එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසීය.
කෙසේ වෙතත් පසුගිය අවුරුදු හතර හමාර තුළ දී රට විශාල පසුබෑමකට ලක්වු බවත් ඒ මහතා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මධුර විතානගේ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජන හමුවක් කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ දී ඊයේ (17) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ තවත් ජන හමුවක් දෙහිවල ප්‍රදේශයේ දී ද ඊයේ (17) පැවැත්වුණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...