දේශීය පුවත්

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී මඟින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තම අනන්‍යතාව තහවුරු කිරීමේ දී වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මැතිවරණ කොමිසම පැවසීය.

එම හැඳුනුම්පත සඳහා වන අයදුම්පත්‍ර, ග්‍රාම නිලධාරීවරයා මඟින් ලබාගෙන එය සම්පූර්ණ කර ඡන්ද දායකයාගේ ඡායාරූප පිටපත් දෙකක් ද සමග ඡන්ද විමසීමට දින 7කට පෙර භාර දිය යුතු බව සඳහන් වේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියපදිංචි දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූජ්‍ය හැඳුනුම්පත සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පතේ තහවුරු කිරීමේ ලිපිය අතුරින් එකක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More