දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව තීරණාත්මක විශේෂ සාකච්ඡා 04ක් අප්‍රේල් 02වැනිදා සහ 03 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මනත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 02 වැනිදා රාත්‍රි 7.00 ට ජනාධිපති නිලනිවසේදී පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මනත්‍රි කණ්ඩායම් රැස්වීම 03 වැනිදා පෙරවරු 11.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එදිනම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රදානත්වයෙන් එකසත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් 03 වැනිදා සවස 5.00ටය . ඒ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානයේ පාර්ලිමේන්තු මනත්‍රි කණ්ඩායම අප්‍රේල් 02 වැනිදා පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතයි.

මෙම සියලුම රැස්වීම්වලදී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමිබන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More