නැවත පාසැල් ආරම්භ කිරීම සතියකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව යලි පාසැල් ඇරඹීම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ ජූලි මස 27 වැනිදා බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර යි.
නමුත් එම සතිය තුළ පාසැලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 වැනි ශ්‍රේණිවල සිසු සිසුවියන් පමණි. මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මස 10 වැනිදා පාසැල්හි අනිකුත් ශ්‍රේණින් විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර ඇත.
එහෙත්, රාජාංගණය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශ තුළ පිහිටි කිසිඳු පාසැලක් අගෝස්තු මස 10 වැනි දිනට ප්‍රථම ආරම්භ නොකරන ලෙසද අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම, බහුතර සිසුන් සහ ගුරුවරුන් සිදු කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලූ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු එළඹෙන සඳුදා දින (ජූලි 20) ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...