දේශීය පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද සෑම ක‍්‍රියාවක්ම සාධාරණය කරමින් ජාත්‍යන්තරයට කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කොටියකුගේ බිරිදක් නිසා තමන්ට ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාවට ප‍්‍රකාශ කිරීම බරපතළ වරදක් බව උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිනී ආනන්දී සෂිතරන් මහත්මිය පැවසුවාය.

මහ මැතිවරණය වෙනුවෙන් ආධාර ලබා ගැනීමට යාපනයේ පැවති ජනහමුවකදී ඇය මේ බව කියා සිටියාය.

සුමන්තිරන් මන්ත‍්‍රීවරයා අවස්ථාවාදී දේශපාලනයක නිරත වෙමින් ජනතාව නොමග යැවීමට සූදානම් බව පවසන ආනන්දී සෂිතරන් මහත්මිය උතුරේ ජනතාව තමන් ප‍්‍රබල කොටියකුගේ බිරිද බව දන්නා බවත්, ඒ කොටි නායකයා එවකට පැවති රජයේ ක‍්‍රියාදාමය මත වවුනියාව හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායකයා වශයෙන් කටයුතු කළ බවත් මෙහිදී පැවසුවාය.

උතුරේ ජනතාව තමන් විශාල මනාප සංඛ්‍යාවකින් උතුරු පළාත් සභාවට තෝරා පත් කර ගන්නා ලද්දේද තම සැමියා උතුරේ ජනතාවට කළ සේවයට උපහාරයක් වශයෙන් බව කී ආනන්දි සශිතරන් තවදුරටත් පැවසුවේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකම් අගය කරමින් ඔවුන්ගේ ශක්තියෙන් බලයට පත් වීමට උත්සාහ දරන්නේ කුහකයකු වශයෙන් බවයි.

සුමන්තිරන් කොටියෙක් නොවන බව එක් පැත්තකින් පෙන්වමින් ඔහු අනෙක් පැත්තෙන් කොටි ගැන කියමින් ඔවුන්ව වර්ණනා කරන්නකු වූවත් තමන් නියම කොටියකුගේ බිරිද බව සුමන්තිරන් අමතක නොකළ යුතු බවද පැවසුවාය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More