දේශීය පුවත්

තමන්ට නැවතත් ශ්‍රීලනිප නායකත්වය භාරගැනීමේ කිසිදු අදහසක නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප නායකත්වය නැවත මහින්ද රාජපක්ෂ මහතා භාරගනු ඇති බවට සිදුකළ අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙනි.

අමාත්‍ය අමරවීර මහතා කියා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නිසා එය නැවත මහින්ද රාජපක්ෂ මහතා භාරගනු ඇති බවයි.

තම කණ්ඩායම ශ්‍රීලනිපයෙන් ඉවත් වීමෙන් පසු බොහෝ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නිර්මාණය කොට තමන් එහි නායකත්වය භාරගත් බව පැවසූ මහින්ද දැන් තමන් එහි නායකයා බැවින් නැවත ශ්‍රීලනිපය භාරගන්නට කිසිදු අවශ්‍යතාවක් නැතැයි අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More