දේශීය පුවත්

තවර්තමාන ආණ්ඩුව ගමන් කරන මාර්ගයේ වැරැදි බොහෝ තිබෙන බවත් එම වැරැදි නිවැරැදි කරගැනීම සඳහා…කමිටුවක් පත්කරගැනීමට එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කළ බවත් ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එකඟ වූ බවත් ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා සමඟ 29 වැනිදා සවස පැවැති සාකච්ඡාවේදී විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය.

එහෙත් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මතුව තිබෙන තත්ත්වය අනුව එම ඇතැම් මන්ත්‍රිවරුන් කුමන තීරණයක් ගනීද කියා තමන්ට සහතික විය නොහැකි බවත් එය විස¼දාගත යුත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් බවත් කියා තමන් අග්‍රාමාත්‍යවරයාට පැවැසූ බවද මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කෙළේය.

කෙසේ වුවත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ දැඩි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවිය යුතු බවට තමන් යෝජනා කළ බවත් ඊට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවත් අමාත්‍යවරයා කීය.

පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, පී. දිගම්බරන් යන පක්ෂ නායකයන් පමණක් මේ සාකච්ඡාවට සහභාගි වූ බවත් රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන පක්ෂ නායකයන් දෙදෙනා මේ සාකච්ඡාවට සහභාගි නොවූ බවත් මනෝ ගනේෂන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More