මීගමුව නගරයේ යාචකයකු ලෙස හැසිරෙන 22 හැවිරිදි තරුණයකු විසින් 32 හැවිරිදි ඔහුගේ අනියම් බිරිඳගේ අවුරුදු 1 මාස 4 ක් වයසැති දියණියට බරපතළ ලිංගික අතවර සිදුකිරීම නිසා එම දැරිය මරණයට පත්වීමේ ශෝකජනක පුවතක් මීගමුවෙන් පෙරේරා 16 වැනිදා වාර්තා විය’ මෙම ශෝචනීය මරණය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙහි සැකකරු වන 22 හැවිරිදි තරුණයා මීගමුව නගරයේ යාචක දිවියක් ගත කරන අතර මොහු මාස 4 ක පමණ කාලයක සිට 32 හැවිරිදි යාචක කතක් සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත’ ඇයට කුඩා දැරියක් සිට ඇත’
මොවුන් වැඩි වශයෙන් රැඳී සිටින්නේ මීගමුව පෙරියමුල්ලේ පිහිටි දිවා රාත‍්‍රී ආහාර අලෙවි කරන වෙළෙඳසැලක් අසලය’ එම හෝටලයේ පිටස්තර අයවලූන් සඳහා වැසිකිළි පද්ධතියක් සහ නාන වතුර ටැංකියක් ද සාදා ඇත’ 13 වැනිදා දහවල් කුඩා බිලිඳිය වඩාගත් සැකකරු හෝටලයේ නාන ටැංකිය ප‍්‍රදේශයට ගොස් ඇත’ එහිදී සැකකරු දීර්ඝ වේලාවක් දැරියට බරපතළ ලෙස ලිංගික අතවර සිදුකර ඇත’
එහිදී දැරිය සිහිසුන් වූ අවස්ථාවේ සැකකරු බියට පත්ව එම දැරිය හෝටලයේ නාන ටැංකියෙන් නහවා ඇත’ තම දරුවා රැගෙන ගිය අනියම් සැමියා පැමිණීමට ප‍්‍රමාදවීම හේතුවෙන් දැරියගේ මව ඔවුන් සොයාගොස් තිබේ’
ඒ අවස්ථාව වනවිට දැරිය දැඩි මලානිකභාවයට පත්ව සිට ඇති අතර දැරිය තදබල අසනීපයට පත්ව ඇතැයි කියමින් කලබල වූ මව දැරිය වහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත’ රෝහලේ වෛද්‍යවරන් දැඩි උත්සාහයක් ගත්තත් දැරියගේ ජීවිතය බේරාගැනීම ඔවුනට හැකි වී නැත’
මෙම මරණය සම්බන්ධයෙන් මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ 16 වැනිදා පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ එම දැරිය තදබල ලෙස ලිංගික අතවරවලට ලක් කිරීම සහ හිසට වැදුණ පහරක් නිසා මරණයට පත්ව ඇති බවය’
මීගමුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උදය කුමාර වුඞ්ලර් මහතාගේ අධීක්‍ෂණ මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිමල් වතුලියැද්ද සහ පොලිස් පරීක්‍ෂක ජේ’ එම්’ එස්’ ජයනාත් යන මහත්වරුන් විසින් පරීක්‍ෂණ පවත්වා එම ලිංගික අතවරය සිදුකළ 22 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත’ සැකකරු අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත’

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...