දේශීය පුවත්

රාජාංගනය ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2688 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 665 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

රාජාංගනය යාය 05 ප්‍රදේශයෙන් පසුගිය දා හඳුනාගනු ලැබු කොවිඩ්-19 ආසාදිත කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

මේ අතර කන්දකාඩු පොකුරට අදාලව පී.සී.ආර් පරීක්ෂාවට ලක් කළ 929 දෙනකුටම කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද ප්‍රකාශ කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇතුළු ළඟම ආශ්‍රිතයින් ද ඒ අතරට අයත්ය.

ඒ අනුව අද (17) දිනය තුළ මේ දක්වා අලුතින් හඳුනාගැනුණේ එක් කොවිඩ් ආසාදිතයෙක් පමණකි.

කොවිඩ්-19 ආසාදිතයින් ලෙස ඊයේ (16) දිනයේ දී අලුතින් රෝගීන් 13 දෙනෙකු හඳුනා ගැනුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More