දේශීය පුවත්

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන් සමග ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම ඇරයුම කර ඇත.

වසර ගණනාවක් තිස්සේ සංවර්ධන ව්‍යාපෘති ශක්‍යතා වාර්තා සැකසීමේ සිට ඉදිකිරීම් අධීක්ෂණය සහ තීරණ ගැනීම කර ඇත්තේ විදේශීය ඉංජිනේරුවන් විසින් බවත් ඔවුන් නායකත්වය දුන් ව්‍යාපෘතිවලින් ජනතා අවශ්‍යතා ඉටු වී නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා එහිදී පවසා ඇත.

විදෙස් රටවලින් පැමිණ ව්‍යාපෘති කිරීමේ සංස්කෘතිය නතර කර ඉදිරි සංවර්ධන වැඩසටහන් දේශීය ඉංජිනේරුවරුන්ට සහ ආයතනවලට පවරන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුකිරීමට අපේක්ෂිත පෙරළියේදී දේශීය ඉංජිනේරුවන් කෙරෙහි විශ්වාසය තබන බව කී ජනාධිපතිවරයා ඉතිහාසයේ ඉතා කීර්තිමත් ඉංජිනේරුවරුන් බිහි වූ යුගය නැවත උදා කළ යුතු බව සඳහන් කර තිබේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ වැඩපොළ පත්ව ඇති තත්ත්වය පිළිබඳව තමා කණගාටුවන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ආයතන පෙර තිබූ තත්ත්වයට වඩා ඉදිරියෙන් තැබීමේ වගකීම ද ඉංජිනේරුවරුන්ට පවරා ඇත.

තමන් කෙරෙහි ජනාධිපතිවරයා තබා ඇති විශ්වාසය තහවුරු කරමින් දේශීය යාන්ත්‍රණයක් තුළ රට ගොඩනැගීමේ කර්තව්‍යයට උර දෙන බවට එහිදී ඉංජිනේරුවරු සහතික වී තිබේ.

තමා රට භාරගන්නා විට තිබූ තත්ත්වයට වඩා කොවිඩ් අර්බුදය හමුවේ අභියෝග දස ගුණයකින් වැඩි වී ඇතැයි පැවසූ ජනාධිපතිවරයා වඩාත් ශක්තිමත්ව ඊට මුහුණ දෙන බව අවධාරණය කර ඇත.

අඩු හා මැදි ආදායම්ලාභී පුද්ගලයින්ගේ නිවාස ප්‍රශ්නය විසඳීමේ දී දේශීය ඉදිකිරීම් සමාගම්වල සහ ඉංජිනේරුවන්ගේ දායකත්වයේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මුල් ආකෘතියට හානි නොවන අයුරින් වැව් සහ වාරිමාර්ග පද්ධතිය පිළිසකර කිරීමේ වැදගත්කම ද එහිදී සාකච්ඡාවට ලක් වී ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More