දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්‍යුදීන් හට කලක පටන් චෝදනා එල්ලවෙමින් තිබෙන්නේ ඔහු අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන සඳහා උදව් කල බවටයි. පසුගිය රජය සමයේ එම චෝදනා වලට නිසි පරීක්ෂණ සිදු නොවීම හා නිතිය ක්‍රියාත්මක නොවීම එම රජය පරාජය වීමට පවා හේතු කාරනා වූ බව නොරහසක්. තවද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ඔහුට මෙන්ම ඔහුගේ සහෝදරයින්ටද චෝදනා එල්ල වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් එම කරුණු කාරනා වලට යම් සම්බන්ධයක් ඇති බවට සැලකෙන තොරතුරු අනාවරණය කරමින් රජයට අයිති නොවන පුද්ගලික ඉඩම්වල රජයේ වියදමින් සම්මන්ත්‍රණ ශාලා හා දේශනා ශාලා ඉදිකොට ඇති බවට රිෂාඩ් බදුයුදීන් හට චෝදනා එල්ලවේ.

ඒ අනුව කියවෙන්නේ මන්නාරම තාරපුරම් ප්‍රදේශයේ අභ්‍යන්තර වෙළෙඳ අහාර සුරක්ෂිතතා සහ  අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය යටතේ ඉදි කරනු ලැබූ අදාළ ගොඩනැගිලි අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය පරිදි එම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් වල ඉදිකර ඇති බවයි.

මන්නාරම වැනි ප්‍රදේශයක කැලෑ එලි කරමින් මෙවැනි දේශන ශාලා ඉදි කර ඇත්තේ ඇයිද යන්නත් රාජ්‍ය මුදල් මෙසේ අවභාවිතය පිළිබඳවත් වහාම පරීක්ෂණ පැවැත්වීම අදාළ රාජ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

ඒ පිළිබඳව විස්තර සහිත ලියකියවිලි කිහිපයක්….

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More