දේශීය පුවත්

පසුගියදා (13) නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් පියල් ද සිල්වා, මහතාගේ විශ්‍රාම යෑම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එතුමා නාවික හමුදාව වෙනුවෙන් කළ සේවය විශිෂ්ට සේවාවක් සඳහා ආදර්ශයක් බව ආරක්ෂක ලේකම්වරයා විසින් එම උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට, එහි අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ නායකත්වය යටතේ මෙරට ජාවාරම් කරන ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා එම අවස්ථාවට එක්වෙමින් පැවසීය.

මුහුදු වෙරළේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට, වෙරළට ඈතින් නැව් යෙදවීමේ ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කිරීම හා ඒ වෙනුවෙන් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ දායකත්වය නොවන්නට, මෙලෙස මුහුදු මාර්ගයෙන් විශාල වශයෙන් කරමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරම්, නැවැත්වීම සිහිනයක් පමණක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම උපහාර ප්‍රදානෝත්සවයේ දී සමුගැනීමේ දේශනය පවත්වමින් ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ, ඉතා තීරණාත්මක කාල පරිච්ඡේදයක් තුළ නාවික හමුදාව නිවැරදි දිශාවට මෙහෙය වීමට එතුමාට හැකිවූ බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍රීය මූලධර්මය සංවර්ධනය කිරීම, ගාල්ලේ සහ ත්‍රිකුණාමලයේ ජල කෞතුකාගාර (under water) හා කිමිදුම් ස්ථාන පිහිටුවීම, ගොඩබෑමේ යාත්‍රා උපයෝගීතා ඉදිකිරීම සහ මීටර් 20 ක් දිග මුර සංචාර බෝට්ටු වැනි සුවිශේෂී ජයග්‍රහණ කරා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයවීමට ඔහුට හැකි විය. එලෙසම COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරන ලද දායකත්වය පැසසුමට ලක් කිරීමට ද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා අමතක නොකළේය.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 14 වනදා, විශ්‍රාම යන නවික හමුදාපති පිළිබඳව සටහනක් Instagram ගිණුමට එක්කර තිබුණි.

“මම අද උදෑසන ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වුණෙමි. සමුගැනීමේ දී ඔහු විසින් සිදුකළ සේවය අගය කරමින් ඔහුව “අද්මිරාල්” ලෙස උසස් කිරීමට කටයුතු කළෙමි.”

“අද්මිරාල් ද සිල්වා මහතා 2019 ජනවාරි 01 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන සේනාධිනායකයා ලෙස වැඩ භාර ගත්තේය. විශ්‍රාමික සේනාධිනායකයා වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදය අවසන් කළ, මානුෂීය මෙහෙයුමට නිර්භයව දායක විය. ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ වීර වික්‍රම, වීර විභූෂන, රණ වික්‍රම, රණශූර සහ විශිෂ්ඨ සේවා විභූෂන ඇතුළු අතිවිශිෂ්ඨ සම්මාන ඔහුට හිමි කර ගැනීමට හැකිවිය. ඔහු අපගේ මාතෘ භූමියට කළ සේවය පිළිබඳව මාගේ හෘදයාංගම අගය කිරීම මෙහිදී සිදු කරන අතර, ඔහුගේ අනාගතය සඳහා සුබ පැතුම්ද මෙලෙස එක් කරමි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More