අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ දිනය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජීත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ අයදුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය 2020.07.31 දිනය දක්වා දිර්ඝ කර ඇති බවය.
ඒ සඳහා වන අයදුම් පත්‍ර ජුලි මස 31 වන දා හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ව වෙත එවිය යුතු වේ.
වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...