දේශීය පුවත්

බඩල්කුඹුර ගල්ලඹ පිරිවෙනේ හාමුදුරුවන් 45 දෙනකු ඇතුළු 72 දෙනෙක් එම පිරිවෙන් පරිශ්‍රයේම ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේගේ ප්‍රධානත්වයෙන් ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි යුද හමුදා සෙබළෙකු සහභාගි වූ ආගමික වැඩසටහනකදී මෙම පිරිවෙනේ කුඩා හිමිනමක් සහ තවත් හිමිනමක් එම සෙබළා සමග මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා මෙලෙස ස්වයං නිරෝධායනයට පියවර ගත් බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්.පී.ඩී.කේ. අධිකාරී පැවසීය.

එම පින්කමට සහභාගි වූ ගිහි පිරිසක්ද මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

පස්සර, පරගහමංකඩ පදිංචි මෙම යුද හමුදා සෙබළා පස්සර, වැල්ගොල්ලේ තම මහ ගෙදරට ගොස් තිබේ. ස්වයං නිරෝධායනයට ලක් වූ අය අතර එම පවුලේ අයද සිටින බව සඳහන් වේ.

ඔහු පොදු බස් රථයකින් ගොස් මුතියංගණ විහාරස්ථානය වන්දනාමාන කර ඇති බවද රථ වාහන බලපත්‍රයක් ලබා ගැනීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණ ඇති බවද හෙළිවී තිබේ. එම තොරතුරු ඔස්සේද විමර්ශන සිදුකරන බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More