දේශීය පුවත්

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙක් 2018 වසරේදී මෙරටට පැමිණි මොහොතේ ඔහු අත්අඩංගුවට ගැනීමට තමන් සූදානම් වූවත් එම පුද්ගලයා අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඔහු සම්බන්ධයෙන් විමර්ශන නොපවත්වන ලෙසත් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර තමන්ට නියෝග කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානියෙක් වන වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (16 ) පැවසීය.

වැඩ තහනමට ලක් වූ පොලිස්පති නාලක ද සිල්වා එම නියෝගය පූජිත් ජයසුන්දර තමන්ට ලබාදුන්නේ ලිඛිතව බවද කොමිසම හමුවේ ඔහු පැවැසීය. මො‍හොමඩ් රිම්සාන් නමැති එම අල්කයිඩා ත්‍රස්ත සාමාජිකයා මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොලේදී ප්‍රශ්න කිරීමකට ලක්වුණු බවත් ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක්ද කළ බවත් නාලකද සිල්වා සඳහන් කළේය.

එම අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සම්පත් කුමාර නමැත්තා තමා අමතා එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසත් රාජ්‍ය බුද්ධි සේවය විමර්ශනයක් පවත්වන බවත් තමාට පැවසූ බවද ඔහු සඳහන් කළේය. එම ත්‍රස්ත සැකකරුගෙන් ප්‍රශ්න කළ යුතුව ඇති බව ඒ අවස්ථාවේදී තමා ඔහුට දැනුම් දුන් බවද නාලකද සිල්වා සඳහන් කළේය. ඒ වන විට අයි.එස්. සහ අල්කයිඩා සංවිධාන පසු බැසීමකට ලක්ව සිටි බැවින් ඔහු මෙරටට පැමිණිම ගැටලුවක් වූ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසීය.

එම පුද්ගලයාට කිසිදු කරදරයක් නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ සම්පත් කුමාර නමැත්තා තමාගෙන් ඉල්ලා සිටි බවද නාලකද සිල්වා සඳහන් කළේය. එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනයක් නොකර සිටීමට නම් එය ලිඛිතව තමාට අවශ්‍ය බව රාජ්‍ය බුද්ධි සේවයේ සම්පත් කුමාරට තමා දැනුම් දුන් බවත් ඒ අනුව එම ලිඛිත දැනුම් දීම ඔහුගෙන් මෙන්ම පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ලැබුණු බවද ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More